නබි වදන් විශ්වකෝෂය සහ එහි පරිවර්තන ව්‍යාපෘතිය:
ඉස්ලාමීය අන්තර්ගතයන් තුළ නැවත නැවත සඳහන් වන නබි වදන් තෝරාගෙන, ඒවා සරල හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සමඟ විස්තර කර, නිවැරදි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් උසස් ගුණාත්මකභාවයකින් ජීවමාන භාෂාවලට පරිවර්තනය කර, පවතින සියලුම මාධ්‍යයන් හරහා නොමිලේ ලබා දීම සඳහා වූ සම්පූර්ණ ව්‍යාපෘතියකි..
අරමුණු:
- නබි වදන්හි පරිවර්තන සඳහා විශ්වාසදායක, නවීන, නොමිලේ ලබාගත හැකි ගෝලීය මූලාශ්‍රයක් ස්ථාපිත කිරීම.
- පරිවර්තකයන්ගේ කාර්යය පහසු කිරීම සඳහා, නබි වදන් පරිවර්තන ඇතුළත් විද්‍යුත් මතක පද්ධතියක් ඔවුන්ගේ භාවිතයට ලබා දීම.
- පවතින සියලුම ක්‍රම හා මාධ්‍යයන් භාවිත කරමින් පරිවර්තන අදාළ ඉලක්කගත පිරිස් වෙත ප්‍රවේශ කරවීම..
විශ්වකෝෂයේ විශේෂාංග:
- සර්වග්රාහීභාවය.
- නොමිලේ ලබා දීම.
- විවිධ පරිවර්තන.
- අඛණ්ඩ වැඩිදියුණු කිරීම.
- ප්‍රවීණත්වය.
ගොඩ නැගීමේ හා සංවර්ධනය කිරීමේ අදියර:
- අරාබි බසින් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම.
- විශ්වකෝෂය විවිධ භාෂාවලට පරිවර්තනය කිරීම.
- විශ්වකෝෂය මාර්ගගතව (ඔන්ලයින්) ප්‍රකාශයට පත් කිරීම.
- විශ්වකෝෂය හා එහි පරිවර්තන අඛණ්ඩ වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම.