1. මුල් පිටුව
  2. ප්‍රවර්ග
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් ජනයා හිනස්සවීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා!

عن معاوية بن حيدة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «ويل للذي يحدث فيكذب؛ ليضحك به القوم، ويل له، ثم ويل له».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව මුආවියා ඉබ්නු හයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “එතුළින් ජනයා සිනහසීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා!”

හසන් ගණයට අයත් හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත

විවරණය

මෙම හදීසයේ විහිළුවට හා ජනයා සිනහ ගැන්වීම සඳහා බොරු කියමින් එහි ගිලී සිටින්නාට විනාශයේ අවවාදයක් හා බොරු තෙපළීමේ දැඩි අවවාදයක් සඳහන්ව ඇත. එය ඉතා අශීලාචාර මෙන්ම දැඩි ලෙස තහනමට ලක් වූ ක්රියාවකි. මෙම නපුරු ගුණාංගයෙන් දේව විශ්වාසවන්තයකු පිරිසිදු වී ඈත්ව සිටිය යුතුය. ෂරීආව අනුමත කළ අවස්ථාවක හැර සෙසු සෑම අවස්ථාවකම බොරු පැවසීමෙන් තම දිව පිරිසිදුව තබා ගත යුතුය. විහිළුවට බොරු පැවසීම තහනම් වනවාක් මෙන්ම එය බොරුවක් යැයි දැනගෙන එයට සවන් දීම ද තහනම්ය. එය ප්රතික්ෂේප කිරීම ඔවුන්ගේ වගකීමය.

පරිවර්තන බලන්න

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية