1. මුල් පිටුව
  2. ප්‍රවර්ග
  3. ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර

නබි වදනක් සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ رَفَعَهُ:
فِي قَوْلِ اللَّهِ عَزَّ وَجَلَّ: {وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ} [الحج: 25] قَالَ: «لَوْ أَنَّ رَجُلًا هَمَّ فِيهِ بِإِلْحَادٍ وَهُوَ بِعَدَنِ أَبْيَنَ لَأَذَاقَهُ اللَّهُ عَذَابًا أَلِيمًا».

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා මෙසේ පැවසූහ: "සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත."

صحيح رواه أحمد والحاكم المستدرك على الصحيحين - 3461

විවරණය

"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම මෙසේ පවසා සිටියහ: සැබැවින්ම කිසියම් හෝ මිනිසකු සිතේ යමක් ඇති කරගනිමින් ශුද්ධ වූ මක්කා දේශය තුළ ඔබට කතා කිරීමට තහනම් කර ඇති දෙයක් හෝ චේතනාන්විත මිනිස් ඝාතනයක් හෝ වේවා එවැනි නපුරු ක්‍රියාවක් සිදු කිරීමට අපේක්ෂා කළේ නම් සැබැවින්ම එය සාපරාධී කටයුත්තකි. යමන් දේශයේ අද්න් නගරයේ ඔහු එසේ අධිෂ්ඨාන කර ගත්තත්, ඔහු එය සිදු නොකළ ද ඒ හේතුවෙන් වේදනීය දඬුවමක් අල්ලාහ්ගෙන් ලබන්නට ඔහු සුදුස්සෙකු වන්නේය. එහිදී සිතීම ද ප්‍රමාණවත්ය.

හදීසයෙන් උගත හැකි පාඩම්

  1. ශුද්ධස්ථානයේ විශේෂත්වය සහ එහි උත්කර්ෂයට නැංවීම පැහැදිලි කිරීම.
  2. අස්-සඃදී තුමා මෙසේ පවසයි: ශුද්ධ ස්ථානයට ගරු කිරීම අනිවාර්යය බවත්, එයට දැඩි සේ බුහුමන් කළ යුතු බවත් එහි යම් පාපකාරී ක්‍රියාවක් සිතීමෙන් හෝ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් මෙම ශුද්ධ වූ පාඨයේ ගම්‍ය වී ඇත.
  3. ළහ්හාක් තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මිනිසකු වෙනත් ස්ථානයක සිටිය ද, මක්කාව තුළ පාපයක් සිදු කරන්නට සිතුවේ නම්, ඔහු එම පාපය සිදු නොකළ ද එහි පාපය සටහන් කරනු ලැබේ."

පරිවර්තන බලන්න

35 භාෂාව
EN English الإنجليزية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية